Colombo Today Local News

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර තිබේ.

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කළ අතර අද(10) දින සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියා පාස්කු කොමිසමට

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

colombotoday

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday