Colombo Today Local Newsextremism & terrorism activities

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

කලක් තිස්සේ සෙම රෝගී තත්ත්වයකින් පෙලුනු දස හැවිරිදි දරුවකුට නිසි ප්‍රතිකාර ලබා නොදී යාඥා කරමින් සිටියදී නිවසේදී මරණයට පත්වීමේ සිද්ධියක් පිළිබදව සැකපිට එම දරුවාගේ මව පියා හා මිත්තනිය අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කටාන ආඩිමුල්ල ලිපිනයේ පදිංචිව සිටි කච්චි ආරච්ච්ගේ දොන් මලීෂ දුලක්ෂණ නැමැති පිරිමි දරුවෙකි.

කලක් තිස්සේ රෝගී තත්ත්වයේ පෙලුනු දරුවාට ළමා රෝහලේදීද ප්‍රතිකාර ලබාදී ඇති බවත් මාස පහක පමණ කාලයක සිට දරුවාගේ ‍මාපියන් වෙන්නප්පුව ප්‍රදේශයේ පිරිිසක් හා එක්ව ආගමික කටයුතුවල යෙදෙමින් දරුවාගේ රෝගය සදහා යාඥා කිරීම කර ඇති බවත් හෙලිවී ඇත.

මෙම දරුවා ඉකුත් 07 වන දින අලුයම 0420ට පමණ මියගොස් ඇති අතර මිය යන විට දරුවාට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබී ඇතැයි පොලිසිය හෙලිකරගෙන ඇත.

Related posts

සදුදා සිට ත්‍රීරෝද රථ ගාස්තුවත් පහළට…

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මරුට

colombotoday

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

colombotoday

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

colombotoday

ඉන්දියාව සමග ගිවිසුම් 06 කට අත්සන් තබයි

colombotoday