Colombo Today Local News

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

වර්තමානයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දරන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ය. ඔහු පාරම්පරික එජාප පාක්ෂිකයෙකු වන අතර මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා ඔහු මධ්‍යම පළාත්ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදි. එම පත්කිරිමෙන් කෙටිකාලයකට පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන ලදි.මෙහිදී ආණ්ඩුකාරවරුන් විසින් විවිධ දේශපාලන කණ්ඩායම් හා ගණුදෙනු කරන බවට විවිධ පාර්ශවයන් විසින් බරපතල චෝදනා එල්ල විය. මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් දිගින් දිගටම එජාපයේ පළාත් පාලන මංත්‍රීවරුන් ආණ්ඩුකාර කාර්‍යාලයට කැදවමින්ද විටින් විට ඔවුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින්ද ගම් මට්ටමින් බිම්මට්ටමින් එජාප පාක්ෂිකයන් බලගන්වා ඉදිරි ජනාධිපතිවරණය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා දිනවිය යුතු බවටත් ඉදිරි අග්‍රාමාත්‍ය ධූර කාලයේ රනිල් වික්‍රමසිංහ වැනි ප්‍රජාතන්ත්‍රවාදීයෙකු තබාගතයුතු බවටත් ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදක්වන ලෙසත් ඔහු වැනි මිලිටරි නායකයෙකු රටකට නොගැලපෙන බව තවදුරටත් ප්‍රකාශකොට තිබේ. මධ්‍යම පළාතේ එජාප හිතවාදී ඉහල දේශපාලන පවුලක් සමග සබදතාවයක් පවත්වා ගනිමින් නගරාධිපතිවරයෙකුගේ උපදෙස් හා අවවාද මත ඔහූ ආණ්ඩුකාර ධූරයේ බල සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට ආණ්ඩුකාරධුරය අවභාවිතා කරන බවට ඔහුට චෝදනා එල්ලවෙමින් පවතී. පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රිලනිප ය සහය දීමට තීරණය කිරීමත් සමග මධ්‍යම පළාත් ආණ්ඩුකාර දූරය අර්බූදයකට පත්ව තිබේ. ශ්‍රිලනිප ය නියෝජනය කරන ප්‍රබලයන් පිරිසක් විසින් මේ පිලිබදව ජනපතිවරයාට දැනුම් ෆ්හී ඇති අතර ජනාධිපති විසින් ආදාල දැනුම් දීමට යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තාවේ.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩ බැලීම සදහා මධ්‍යම පළාතට පත්කර එවීමට බොහෝවිට ඉඩ ඇතැයි පැවසේ. මෛත්‍රී ගුණරත්න මහතා දැනට ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහු පසුගියදා ජනාධිපති වරයා ගනු ලැබූ ස්වාධීන වීමේ තීන්දුවට එකගතාවය පළකරමින් තමන්ද නිර්පාක්ෂිකව කටයුතු කරන බවට මාධ්‍ය හමුවක් කැදවා ප්‍රකාශ කර තිබේ.

lankaleadnews

Related posts

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

“නාගදීපයේ බුදු පිළිමය අපේ නිජබිමට තර්ජණයක්” ද්‍රවිඩ සන්ධානය අවි අමෝරයි

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් වෙතත් රුපියල් 5,000 සේ දීමනාව

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday