Colombo Today Local News

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

පාර්ලිමේන්තුව විසිරුවාලමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු යම් යම් පිරිස්  කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ ඇති බැවින් සෑම පොලිස් බලප්‍රදේශයකම ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (13) රාත්‍රී උසස් පොලිස් නිලධාරීන්ට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දුන්නේය.

පොලිස්පතිවරයා  එම උපදෙස් ලබා දුන්නේ අද (13) රාත්‍රී විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කරමිනි.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම උද්දාමයට පත් දේශපාලන ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා පැවැත්වීමේදී යම් යම් පිරිස් දේශපාලන වශයෙන් පටු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අභිලාශයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ ඇතැයි පොලිස්පතිවරයා එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් මහජනයාගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොවන ආකාරයට ආරක්ෂක විධි විධාන යෙදවීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

තම පොලිස් බල ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත   වාර්තාවක් ලැබීමට සලස්වන ලෙස ද පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

Related posts

මරණය පෙනි පෙනී, ගිං ගගේ වියරු සැඩ පහරට බිලිවීමට ගිය ජීවිත තුනක් බේරාගත් හැටි (Video)

colombotoday

හෙරොයින් සමඟ මධූෂ්ගේ ප්‍රබල ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday

යහපාලන නාට්‍යකරුවෝ රාජ්‍ය නාට්‍ය උළෙල මැදට පනී.. ‘වෙනස පීචං’ කියා වේදිකාවේ විරෝධය පායි

colombotoday

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

colombotoday