Colombo Today Local News

සුජීවට කෝටි 3 ක්… ෆොන්සේකාට ලක්ෂ 15ක්… බැදුම්කර සන්තෝෂ‍මේ තවත් රහස් එළියට

බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතා විසින් මැති ඇමතිවරු ඇතුළු විවිධ පුද්ගලයන් සඳහා චෙක්පත් 166කින් මුල් ලබා දී ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධනය විසින් පසුගියදා හෙළිදරව් කළ අතර එම හෙළිදරව්වට අදාළ කරුණු මේ වනවිට එකින් එක එළියට එමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳුවුම්කරු වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

ඒ මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස් මහතා විසින් රුපියල් මිලියන 33ක් ලබා දී ඇති බවයි. අද (07) අධිකරණයේදී අනාවරණය වූ මිලියන 03ට අමතරව තවත් මිලියන 30ක් ඔහුට ලැබී ඇති බවත් ඉන් කොටසක් සුජීව සේනසිංහ අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතරේ බෙදා ඇති බවත් වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් එම මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියේදී අනාවරණය කිරීමට බලාපොරොත්තුවන බවත් වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.

එමෙන්ම තමන්ට ලැබුනේ රුපියල් ලක්ෂයක් පමණක් යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවද ඔහුට ලක්ෂ 15ක් ලැබී ඇතැයිද වසන්ත සමරසිංහ මහතා අනාවරණය කළේය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ… : බන්ධනාගාර ගත රැඳවියන් 10ක් මෙවර පෙනී සිටී.

Admin

මඩකලපුවට ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් 35,642දෙනෙක් පීඩාවට

colombotoday

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

ජර්මානු රජයෙන් ලංකාවට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

colombotoday

ආණ්ඩු හදන, ආණ්ඩු පෙරළන බ්‍රිතාන්‍ය සමාගම අගමැති රනිල් හමුවෙලා !

colombotoday