Colombo Today Local News

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ… : බන්ධනාගාර ගත රැඳවියන් 10ක් මෙවර පෙනී සිටී.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29)දින ආරම්භ වීමට නියමිතය.

පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මේ අතර මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

Related posts

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

colombotoday

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

Admin

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

Admin

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

colombotoday