Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න බැසිලුත් සහය ඉල්ලයි.

මුදල් අමාත්‍යවරයා ලෙස මූලික ඉලක්කය හාල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නෙ සිටින අතරම තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස රජයට ඡන්දෙ දුන් බව කී අමාත්‍යවරයා කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු යැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සතුව තිබෙන ඩොලර් කෝටි 400 (බිලියන 4) සංචිතය නිවැරදිව කළමනාකරණයෙන් ආර්ථික අර්බුදය විසදාගත හැකි මෙන්ම යුද්ධය පැවැති අවස්ථාවේදී ද රට සතුව පැවැතියේ ඩොලර් කෝටි 120 ක් (බිලියන 1.2) බව කී අමාත්‍යවරයා ඩොලරයේ මිල ඉහළ යෑමට බොරු ප්‍රචාර බලපා ඇති බවත් කීය

Related posts

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

අධ්‍යාපන ඇමතිගේ ‘ඩෙංගු ඇඳුම්‘ දැන් වෙළදපොලේ !!

colombotoday

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

Admin