Colombo Today Local News

GSP අපට එපා.. අපේ ආගමික අයිතියට අත නොතබනු.. රජයට එරෙහිව මුස්ලිම් පාර්ශව අවි අමෝරයි !

5326565-3යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය නැවත ලබා ගැනීම සදහා බාධාවක්ව පවතින මෙරට මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මුස්ලිම් දේශපාලකයන්ගෙන් හා සංවිධානවලින් දැඩි විරෝධයක් මතුව තිබෙනවා.

මෙරට ක්‍රියාත්මකවන මුස්ලිම් විවාහ නීතිය ආගමට අනුකූල එකක් බැවින් එයට සංශෝධනයට යෑමෙන් මුස්ලිම් ප්‍රජාව තුළ රජයට එරෙහිව විරෝධයක් ගොඩනැගෙනු ඇතිබවත් එබැවින් එම නීතිවලට අත තැබීමෙන් වළකින ලෙසත් ජ්‍යෙෂ්ඨ මුස්ලිම් ඇමතිවරු කිහිප දෙනෙක්ම අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.

මේ අතර රජයේ තීරණයට එරෙහිව මුස්ලිම් සමාජය තුළ විරෝධයක් ගොඩ නැගීම සදහා වනපාලුවකට සම්බන්ධ ඇමතිවරයෙක් සහ මුස්ලිම් ඇමතිවරුන් කිහිප දෙනෙක් මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව ඔවුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ඉස්ලාමීය මුලධර්මවාදී සංවිධාන විසින් ඉදිරි දින කිහිපය ඇතුළතදී මුස්ලිම් ජනතාව කොළඹට කැදවා විරෝධතා පැවැත්වීමට සැලසුම්කර ඇත.

ඉස්ලාමයේ අවසන් ව්‍රක්තෘවරයා යැයි පැවසෙන මුහම්මද් නබිවරයා සිය අවසන් භාර්යාව ලෙස 9 හැවිරිදි දැරියක් විවාහ කරගත් බව ඉස්ලාමයේ සදහන් වෙයි. මෙරට පවතින ඉස්ලාම් විවාහ නීතිය අනුව වයස් සීමාවකින් තොරව ඉස්ලාම් භක්තියකයන්ට කුඩා දැරියන් විවාහ කරගැනීමට අවසර තිබෙන අතර, වසය අවුරුදු 12ට අඩුනම් පමණක් පල්ලියේ කාතිවරයාගේ අවසර ගත යුතුය.

මෙරට ක්‍රියාත්මක මුස්ලිම් විවාහ නීතිය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට, එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට හා මානව හිමිකම් සහ පිළිගත සමාජ සදාචාරයටන්ට පටහැනි බැවින් GSP+ සහනය ලබා දීමටනම් වහා එම නීති සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය රජයට දන්වා ඇත.

ඒ අනුව අධිකරණ ඇමතිවරයා විසින් ඒ පිළිබදව නිර්දේශ කිරීම සදහා කමිටුවක් පත්කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබේ.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin

Breaking News: රන්ජන් 29 දා තෙක් රිමාන්ඩ්

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

‘මහින්ද අමරවීර දකුණේ ශක්තිමත් නායකයෙක් කරනවා.. ඊළග සුදුස්සාට පාර කපා දියයුතුයි‘ – ජනපති

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද හෙටම පාර්ලිමේන්තුවට

colombotoday

පොලවේ ඉදන් හඳ අල්ලන සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත

colombotoday