Colombo Today Local News

“උතුරේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව කටයුතු කිරීම ගැන යාපනේ ජනතාවට ස්තූතියි“ – ජනපති

mithre3

සිසුන් දෙදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් යාපනයේ ඇතිවූ නොසන්සුන්තාව සහ විරෝධතාව සාධාරණ බවත්, එය දකුණේ සිදුවූවානම් තත්ත්වය මීට වඩා දරුණු වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යාපනය කීරමලේදී යුද හමුදා දායකත්වයෙන් ඉදිකළ නිවාස 100 ජනතා අයිතියට පත් කිරීම සහා ආරක්ෂක අංශ සතු ඉඩම් කොටස් ජනතාවට පැවරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. එවැනි සිද්ධියක් වුණානම් උතුරේ පමණක් නොවෙයි, එවැනි සිද්ධියක් දකුණේ වුණානම් රුහුණු විශ්ව විද්‍යාලයේ මීටත් වඩා දකුණ නොසන්සුන් වෙයි කියලා මම හිතනවා‘ යැයි ද ජනපති කීය.

මෙම සිද්ධියේදී යාපනය ප්‍රමුඛ උතුරේ ජනතාව සංසුන්ව කටයුතු කළ ආකාරය පිළිබඳව උතුරේ ජනතාවට මම ස්තූතිවන්ත වනවා. ඒ නිසා එවැනි සිදුවීම් ඇති නොවීමට සෑම අංශයක්ම වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. යැයිද ජනපති කීය.

 

Related posts

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

රටම බලා සිටි, බැදුම්කර වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

කුරුණෑගලින් වර්තා වූ ආසාදිතයන් දිස්ත්‍රික්කය පුරා විහිදෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ කාර්යාලය නඩත්තුවට මිලියන 36ක්..

colombotoday

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin