Colombo Today Local News

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි.

Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ ය.

ඊට අමතරව ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට තවත් පිරිසක් සිය අයැදුම්පත් භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන පිරිස මේ වනවිට ලක්ෂ 16 කට අධිකයි.

හැඳුනුම්පත් නොමැතිවීම ඇතුළු ලියකියවිලිවල ගැටලු හේතුවෙන් තවත් ලක්ෂ තුනකට අධික පිරිසකට අස්වැසුම ලබා දීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

22 ගැසට් කරයි

colombotoday

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

colombotoday

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් උසස් පෙළ අදින් ඇරඹේ

colombotoday

සහරාන්ගේ බිරිඳ හාදියාට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

colombotoday

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

“මිලියන 1332ක් මහජන මුදල් කබ්රාල් මහත්තයා කාබාසිනියා කරලා තියෙනවා. ඇමරිකාවේ CIA කාරයාට දීලා.” | කබ්රාල්ට එරෙහිව පාලිත හිමි නඩු මගට

colombotoday