Colombo Today Local News

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

මහින්ද යනු පිස්සෙක් නොවන නමුත් ඔහු ආණ්ඩු පාලනය ගැන නොදන්නා, ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි අයෙකු විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ පසුගියදා මහනුවර සම්පත් ගොඩනැගිල්ලේ පැවති මහනුවර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්ය.

එහිදී සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

පසුගිය මැයි දිනයේදී තමා ලබාදුන් පොරොන්දුව අනුව මහනුවරට පැමිණ එක්සත් ජාතික පාක්ෂිකයන් අමතන බවත් එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන මහනුවර ඉදිරිඅපට පළාත් සභා මැතිවරණයට මුහුණදීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය මැයි දින රැලියට සහභාගි වූ සියලූ දෙනාගේ සිත්වල තිබුණේ පළාත් පාලන මැතිවරණයේ දී අප ලද පරාජයයි. එම පරාජයත් සමඟ අපේ පක්ෂයට විශාල පහරක් වැදුණා. එම පරාජයෙන් නැවත ගොඩ ඒමට හැකියාවක් තිබේ ද, දේශපාලනිකව අප ඇද වැටිලා ද, ආදී බලාපොරොත්තු රහිත වූ ස්වභාවයක් බොහෝ අය තුළ තිබුණා. පුවත්පත්, රූපවාහිනී ආදී සියüම මාධ්‍ය ආයතන පවා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය අවසන් බවයි. අපි ඉදිරියට පැමිණියේ එවන් තත්වයක් තුළයි.

2015 දී අපි ආණ්ඩු බලය ලබා ගත්තේ රටේ ආර්ථිකය ගොඩ නගමින් අපේ ජනතාවට උදව් උපකාර කිරීමටයි. 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියා. ඉන් පසු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සහ ඩී.බී. විජේතුංග මැතිතුමාගේ පාලනයන් යටතේ රට ඉදිරියට ගෙන ගියා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලෙස මමත් රට දියුණු කිරීමට කටයුතු කළා. අපනයන කලාප, ඇඟලූම් කර්මාන්ත ඇති කළා. කුඩා තේ වතු හිමියන් බිහි කළා. සංචාරක ව්‍යාපාරය වර්ධනය කළා. මේ ආකාරයට රට ඉදිරියට ගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් කිරීමට හැකි වුණා.

නමුත් 2001 වසරේ මම නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස රට බාරගන්නා අවස්ථාව වන විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. එවකට පැවති පාලනය රටේ දියුණුව ගැන නොසිතා යුද්ධය ගැන පමණක් සිතමින් කටයුතු කළා. නමුත් අවසානයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පැමිණ ගුවන්තොටුපළ, වරාය ඇතුලූ අපේ ආර්ථික මර්මස්ථානවලට පහර දුන්නා.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday

සරත් වීරසේකරගේ ජිනීවා සටනට ජනපතිගේ විරෝධය.. කරේ හොද වැඩක් නෙවෙයිලු !

colombotoday

ශ්‍රී ලංනිප තීන්දුව ප්‍රමාද වෙන හැඩ? මාධ්‍ය සාකච්ඡාව අවලංගු කෙරේ.

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල් වරට ගුවන් නියමුවරියන් බදවා ගනී

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin