Colombo Today Local News

14 හැවිරිදි දැරියක් පැහැර ගත් පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු STF අත්අඩංගුවට

ලුණුගල ප්‍රදේශයේදී 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලුණුගල පොලිස්ථානාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් කළ වැටලීමකදී දැරිය සොයා ගත් බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කරයි.

පැහැරගෙන ගොස් ඇත්තේ ලුණුගල ප්‍රදේශයේ පදිංචි දැරියකි.

උඩකිරුව රක්ෂිතයේ දින 08 ක් තිස්සේ දැරිය රදවාගෙන සිට ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කරයි.

පැහැර ගැනීම සම්බන්ධයෙන් ලුණුගල සහ බේරුවල පදිංචි 18 සහ 53 හැවිරිදි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday

වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම නැති වෙන නීතියක්

Admin

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday