Colombo Today Local News

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

කෙහෙළිය ගෝ ගම නමින් විරෝධතාවක නිරත වූ සිවිල් සංවිධායකයින් පස් දෙනෙකු
(5) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ විරෝධය දක්වන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ සිද්ධියට අදාළවයි.

මේ සමගම ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් දෙවන වරටත් ප්‍රකාශ ලබාගන්නා ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

විමර්ශන නිලධාරීන් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට දැනුම්දී තිබුණේ අද දිනය තුළ අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි.

නමුත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අද දිනයේ යෙදී තිබූ අත්‍යාවශ්‍ය රාජකාරීන් කටයුතු කිහිපයක් නිසා අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව නිවේදනයකින් සඳහන් කළේය.

ඒ නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණයක් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාව ද අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබින.

මේ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා වතාවයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

colombotoday