Colombo Today Local News

පොහොය වෙනුවෙන් සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා. | උතුරු මැද ආණ්ඩුකාර දැනුම් දෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුළ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැනුම් දුන්නේය.

පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අනුරාධපුර අතිරේක දිසාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් අනතුරුව, උන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සිද්ධස්ථානවල බැතිමතුන් සීමා කිරීමට මෙසේ පියවර ගත් බවද ආණ්ඩුකාරවරයා පවසයි.

Related posts

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

සෞඛ්‍ය අමැතිගෙන් ඉල්ලීමක්

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday

“උරුලෑවෙක් වගේ තැන තැන ගඳ ගස්සවනු එපා” – ඇමති යාපාත් එජාපයේ ක්‍රෝධයට ලක්වෙයි !

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday