Covid 19

කොරෝනා අවධානමෙන් කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමයි.

හලාවත කොස්වත්ත පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරුවීමෙන් පසු කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා එහි කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයට රැගෙන ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පොලිස් ස්ථානයේ සියලු නිළධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

එම පොලිස් පරික්ෂකවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට ඇතුළත් කළ පසු සිදු කළ පි.සී.ආර්.පරික්ෂණයේදී ඔහුට කෝවිඩ් 19 රෝගය වැළදි ඇති බව හෙළි ඇත.

Related posts

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ් – 1200ක් නිවෙස්වල නිරෝධායනයට

colombotoday

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 4 ක් ගෙවුණු දිනයේදී වාර්තා වෙයි – සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළට

colombotoday

එකම පවුලේ මව, පියා, පුතු කොරෝනා බිලි ගයි

colombotoday

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවයි

colombotoday

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday