Colombo Today Local News

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

අහුංගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක තනිව පදිංචිව සිටි කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවූ ඇත.

මිය ගිය කාන්තාව දින ගණනාවක සිට නොදුටු බවත් ඇය පදිංචිව සිටි නිවස දෙසින් දුඟදක් හමන බවත් පවසමින් කරන ලද පැමිණිල්ලක් මත අහුංගල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව, ඊයේ (19) පොලීසිය විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී, එම නිවසේ පදිංචි කාන්තාව නිවස තුළ පුටුවක් මත මියගොස් සිට ඇත.

සිරුර දැඩි ලෙස දියවී ගොස් ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

මරණකාරිය එගොඩමුල්ල, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Related posts

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

මුස්ලිම් පල්ලි තුල සිදු කෙරෙන සමූහ සත්ව ඝාතන වකුෆ් සභාව විසින් තහනම් කරයි.

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් බදී

colombotoday

‘‘මීඡවුම්‘‘ නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි

Admin

2024 වනතුරු නායකත්වය ගැන කතා එපා ! රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වයි

colombotoday