Colombo Today Local News

‘‘මීඡවුම්‘‘ නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශපෙැවැති ‘‘මීඡවුම්‘‘ සුළි කුණාටුව ඊයේ (03) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර 81.6° දේශාංශ ආසන්යෙ යාපනයේ සිට කිලෝමීටර් 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට,වයඹ දෙසට ගමන් කරනු ඇත. එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර හෙට (5)දින වන විට දකුණු අන්ද්‍රා වෙරළ තිරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලා පොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, උතුර,දකුණු සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැති ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තද වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෙසු පළාත්වලට පස්වරු 1.00 පසු තරමක තද වැසි ඇති විය හැකිය.

Related posts

“රටේම මිනිසුන් මැරුණත් කමක් නෑ.. ඔහුට ඕනෑ සයිටම් රකින්නයි” විජේදාස රාජිතගේ පතුරු අරී

colombotoday

අසුබ පෙරනිමිති සමගින් ෆොන්සේකා රාහු කාලයේ වැඩ අල්ලයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

colombotoday

වාරියපොල විරෝධතාකරුවෝ ඇමති හේරත්ගේ නිවෙසට කඩාවදිති

colombotoday

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

colombotoday