Colombo Today Local News

වාරියපොල විරෝධතාකරුවෝ ඇමති හේරත්ගේ නිවෙසට කඩාවදිති

වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය එය වලක්වා තිබේ.

ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර පොලිසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා ඇත.

විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කළ අතර පොලිසිය විසින් එය වළකා ඇත.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සහිත ඉඩමේ වැටෙන් ඇතුළු වූ විරෝධතාකරුවන් නිවස දෙසට දිව යද්දී අමාත්‍යවරයාගේ නිවසේ සිටි අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග විරෝධතාකරුවන් ආපසු මාර්ගයට පැමිණ විරෝධතා පාඨ කියමින් සිට පැයකට පමණ පසුව විසිර ගොස් ඇත.

Related posts

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

Video: “මංගල සමරවීර පච නිෂ්පාදනයෙන් නොම්බර එක” හිටපු ජනපති මහින්ද කියයි

colombotoday

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට

Admin

යුද හමුදාපතිගේ රුව යොදාගත් පොහොට්ටුවේ දැන්වීමට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

රෑට රෑට හොරෙන් හදන කළුබෝවිල මුස්ලිම් පල්ලිය ගැන කීවාට එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් පොලීසි යයි !

colombotoday