Colombo Today Local Newsfeatured

ආණ්ඩුව ඇතුලේ වෙනම මුස්ලිම් ආණ්ඩුවක් | කොරෝනා මරණ ආදාහන ගැටලුවට හේතුවූ අල්ලාහ් ගේ අධිකරණය.

ආදාහනය ද? භූමදානය ද? යන්නන ප්‍රශ්නයක් බවට පත්කළේ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය බව බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටිනවා.

පෙබරවාරි 2 දින පැවති මාධ්‍ය ගමුවකදී ඥානසාර හිමියෝ මෙම අදහස් පලකරන ලදි.

2020 අප්‍රේල් 11 නිරෝධායන නීතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකරවීමේ ක්‍රියාවලිය අංක 2170/8 දරන ගැසට් පත්‍රය මගින් නීතිගත කරන ලදි.

එම ගැසට් පත්‍රයට අනුව යම් විභව්‍ය ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීමේ කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා
වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි හතලිස් පහක සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් ආදාහනය කිරීම නීතියක් ලෙස ගැසට් කර ඇත.

කෙසේ වෙතත් 2020 අප්‍රේල් 22 සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් ෆාත්වා එකක් ලබාදී ඇති අතර එමගින් ඔවුන් කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය ප්‍රතික්ෂේප කර ඇති අතර භූමදානය කිරීම අනිවාර්ය බවත් නැත්නම් අල්ලාහ් ගේ අධිකරණයේ සමස්ත මුස්ලිම්වරුන් වරදකරුවන් වෙන බවත් පවසා ඇත.

එතෙක් සාමකාමිව තිබූ මුස්ලිම් සමාජය අල්ලාහ් ගේ අධිකරණයේ වැරදිකරුවන් වන බව දක්වා බය කරමින් නොසන්සුන්තාවයක් ඇති කිරීමට කටයුතු කලේ ඉස්ලාම් විද්වතුන් යැයි පවසන සමස්ත ලංකා උලමා සංවිධානයයි.

සෞඛ්‍ය අමාත්‍යවරියට ඉහලින් ගොස් ෆත්වා නිකුත්කිරීමට ආණ්ඩුව ඇතුලේ වෙනම මුස්ලිම් ආණ්ඩුවක් ක්‍රියාත්මක වනවාදැයි මෙහිදී ඥානසාර හිමියෝ ප්‍රශ්න කරන ලදි.

අදාළ ෆත්වා ව හේතුවෙන් මුස්ලිම් සමාජය සෞඛ්‍ය අමත්‍යවරියගේ ගැසට් පත්‍රය පිළිනොගැනීමට උලමා සංවිධානය පොළඹවා ඇති අතර එය නිරෝධායනය නීතිය යටතට ගැනෙන දැඩි වරදකි.

රටේ තැන තැන උද්ඝෝෂණ ඇති කරමින් විද්‍යාත්මක දේ ගැන කතා කරන මැති ඇමතිවරු ද ක්‍රියා කර ඇත්තේ රටේ නීතියට යටත්ව නොවෙ උලමාගේ අවිද්‍යාව මුලික කරගත් ෆත්වා එකට යටත්වයි.

මීට ඉහතදී උලමා සංවිධානය විසින් ෆත්වා ලබා දී, කාන්තාවන්ගේ මුහුණ වැසීම, ආහාර සඳහා හලාල් සහතික කරණය, ඉස්ලාම් බැංකු කරණය අනිවාර්ය කිරීමට කටයුතු කර ඇත.

Related posts

ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජන එපා… ප්‍රශ්නයක් තියනවනම් අපට කියන්න – නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි

colombotoday

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

CCTV මගින් හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයයි

colombotoday

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday

උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට

colombotoday