Colombo Today Local News

යුරෝපා එන්ජීඕවක්‌ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ට නඩු දමයි

jagath diasයුද හමුදා සේවයෙන් විශ්‍රාම ලබන 57 වැනි සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ මහතාට එරෙහිව යුරෝපා රාජ්‍ය නොවන සංවිධානයක්‌ යුරෝපා අධිකරණයට සාවද්‍ය යුද අපරාධ චෝදනා නඩුවක්‌ ගොනු කර ඇත.

ජගත් ඩයස්‌ මහතා හමුදා සේවාවෙන් විශ්‍රාම යන නිසා ඔහුට හමුදා සහ රාජ්‍ය වරප්‍රසාදය අහිමි බව එකී සංවිධානය සඳහන් කර තිබේ.

මේජර ජෙනරාල්වරයාට එරෙහිව ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය ද වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කර ඇති බව තවදුරටත් හෙළි වී ඇත.

යුරෝපා රාජ්‍ය නොවන සංවිධානයේ මෙම නඩු පැවරීම පසුබිමේ ස්‌විස්‌ ඊළාම් සම්බන්ධීකරණ කමිටුව ක්‍රියාත්මක වන බව හෙළි වී තිබේ.

මෙකී විදේශ රාජ්‍ය නොවන සංවිධානය කොළඹ බටහිර තානාපති කාර්යාලවලින් ද ඉල්ලීමක්‌ කරමින් මේජර් ජෙනරාල්වරයාට යුරෝපා රටවලට පැමිණීමට වීසා බලපත් ලබා නොදෙන ලෙස දන්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

රුපියල තවත් පහළට

Admin

පරාජයෙන් පසු ජනපති නැවතත් ජනතාව හමුවට.. විශේෂ ප්‍රකාශයකට සූදානම්

colombotoday

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

Admin

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday