Colombo Today Local News

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබේ.

විනිසුරු සාරා හගේට් ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24)දින අසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවයි.

ඒ අනුව, විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට ය.

දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල විය.

සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණි.

නඩු විභාගයකින් අනතුරුව ගුණතිලකව පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදහස් කළේය.

Related posts

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්.. බලාපොරොත්තු කඩ වීම නිසා ඇමති හරීන් දුකෙන් !

colombotoday

සයිටම් කොටස් වෙළඳපොළට – රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක්.

colombotoday

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද දිවයිනට

colombotoday

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday