Colombo Today Local News

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් තරුණියක මියගොස් තවත් තරුණියක් සහ මව පියා තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා ගිය මව පියා සහ දියණියන් දෙදෙනා බව ගලේවෙල පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්.එච්.ලෝචනා කාව්‍යංජලි නම් 19 හැවිරිදි තරුණියකි.

ඇයගේ උපන් දිනය ද හෙටට (25) යෙදී ඇතැයි කියති.

Related posts

තඹුත්තේගම A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක්! – යෝධ හයේ පහරවලට මග විවෘත වේ

Admin

පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයි

Admin

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday