Colombo Today Local News

බලපිටියේ පොලිසියට පහර දීමක්. අහසටත් වෙඩි

බීමත් කණ්ඩායමක් අහුන්ගල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසකට බලපිටිය නගරයේදී ඊයේ(29) රාත්‍රි පහරදීමෙන් එහි දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවූ අතර කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තාවේ.

බීමත් පිරිසේ පහරදීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් තුවාල ලබා සිටිති.

මින් එක් නිලධාරියකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අහුන්ගල්ල පොලිසියේ නිලධාරියෙක් පවසයි .

ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නගරයේ අශෝභන ලෙස හැසිරෙනු දුටු පිරිසක් දැක අවවාද කර ඇති අවස්ථාවේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැන වැදී මෙලෙස පහරදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.

කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත්තේ මේ අවස්ථාවේදීය.

පොලිස් නිලධාරින්ට පහර දුන් සැකකරුවෝ දෙදෙනෙක් පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

රනිල් එලවන්නැයි මන්ත්‍රී හමුවේදී රංගේ කියයි.. කබීර් හෂිම් මාසයක් කල් ඉල්ලයි..

colombotoday

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin