Colombo Today Local News

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

ranil

GSP+ සහනය මෙම වසර අවසන් වන විට ලබා ගැනීමට හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.

මේ වනවිට GSP+ ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය ලබා දීමේ කාලය එළැඹ තිබෙන බවත් එය ලබා දීමට පෙර එම කෙටුම්පතට ඇතුළත් විය යුතු කාරණා සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ නිල නොවන සාකච්ඡා සිදු කෙරෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

තව සතියකින් දෙකකින් එම කෙටුම්පත සකස් කර අවසන් කරන බවත් ඉන් පසු රසල් නුවර යුරෝපා සංගමයේ වෙළෙඳ කාර්යාලට භාර දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මත්ස්‍ය තහනම ඉවත් කළා මෙන් මෙම සහන ද ලැබුණු පසු තීරු බදු තවත් අඩු වීම හේතුවෙන් ධීවරයින්ට තවත් සහන ලැබෙන බවත් එසේම ඇගලුම් කර්මාන්තයට, තේ කර්මාන්තයට වාසි රැසක් ලැබීම, නව ව්‍යාපාර ගනනාවකට යුරෝපීය වෙළෙඳපොළ විවෘත වීම, විදේශ ආයෝජිකයන් මෙරටට පැමිණීමට පටන් ගැනීම යනාදී වාසි රැසක් මෙරටට හිමි වන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර යුරෝපීය කවුන්සිලය විසින් පනවා තිබූ මත්ස්‍ය තහනම ඊයේ (16) සිට ඉවත් කළ බවත් එම වාර්තාව යුරෝපා කවුන්සිල් රැස්වීම් වාර්තාවට ද ඇතුළත් වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවට පසුගිය ජනාධිපතිවරණයේදී වූ පොරොන්දුව මේ වනවිට ඉටු කර තිබෙන බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ කාලයේ සිටම මෙම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට කටයුතු කළ බවත් මෙම තහනම හේතුවෙන් යුරෝපයට සිදු කළ මත්ස්‍ය අපනයන අවස්ථා සම්පූර්ණයෙන් නතර වී තිබුණු බවත් අගමැතිවරයා පැවසී ය.

තව ද නීති විරෝධි ධීවර ව්‍යාපාරයට විරුද්ධව ගෙන යන වැඩසටහනට සහයෝගය නොදෙන රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබුණු බවත් රජය මෙම මත්ස්‍ය තහනම ඉවත් කිරීමට සිදු කළ වැඩපිළිවෙළ තුළ නීති විරෝධි ධීවර ව්‍යාපාරයට සහයෝගය දෙන රටක් ලෙස මේ වන විට වාර්තා වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් මත්ස්‍ය ආනයනය වැඩි වීම හේතුවෙන් ධීවරයින් අතට වැඩි මුදලක් ලැබෙන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin

ආරක්ෂක ලේකම් ධුරයේ මා ඉදිත්දීනම් විග්නේෂ්වරන් කටක් හෙල්ලුවේ නෑ

colombotoday

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කරලා

colombotoday

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday