Colombo Today Local News

තොණ්ඩාමන් ආවොත් අපි යනවා.. දිගම්බරම්ගෙන් ආණ්ඩුවට රතු එළි

tonda digamපසුගිය ජනාධිපතිවරණයේදී වතුකරයේ ජනතාවගේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරන් දෙනු ලැබුවේ තමන් ඇතුළු පිරිස බවත් එසේ තිබියදී එම මැතිවරණ සමයේදී මැතිවරණ රැස්වීමක් හෝ පැවැත්වීමට බාධා කළ අයට ඇමති තනතුරු ලබාදුනහොත් ආණ්ඩුව සමග එක්ව සිටින තමන් ඇතුළු හයදෙනා තීරණයක් ගන්නා බවත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා අවධාරණය කළේය.

හැටන්, කොටගල හි අද පැවැති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේබව කියා සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය නොදුන් වතුකරයේ දේශපාලනඥයින්ට ඇමති තනතුරු පිරිනැමුවහොත් ඒ ගැන තීන්දුවක් ගන්නා බවට අමාත්‍යවරයා කීය.

Related posts

යල කන්නයේදී පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

colombotoday

බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරි නීතිය පැනවේ

colombotoday

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin

“සන්දීප්ව හැප්පුවේ චම්පික” චම්පිකගේ රියදුරු අධිකරණයේ රහසේ පාපොච්චාරණය කරයි !

colombotoday

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin

ශ්‍රි ලංකා නාවික හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය සමරයි

colombotoday