Colombo Today Local News

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

ඊයේ(20) රාත්‍රී 10ට පමණ ඇඹිලිපිටිය නගරසභාව ඉදිරිපිට රැඳී සිටි අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ.

ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිටදී ඔවුන් මෙම අරගලය දින ගණනක් ක්‍රියාත්මක කර ඇති අතර සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ අට්ටාලය කඩා බිඳ දමා අරගලකරුවන්ට පහර දී එළවා දමා ඇති බවයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලි කර ඇති අතර මේ වන විට පහරකෑමට ලක්වූ අරගලකරුවෙක් ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද සඳහන් වේ.

පහරදීමට පැමිණි අයෙකු අරගලකරුවන් විසින් හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday