Colombo Today Local News

කොවිඩ් වෛරස ව්‍යාප්තියේ බලපෑම සෞඛ්‍ය අංශයටත්. අවධානයෙන් කටයුතු කරන්නැයි අමාත්‍යාංශය පවසයි

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම පිළිබඳ ව සෞඛ්‍ය සේවකයින් ද නිසි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගම්පොළ රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනිමේ සිද්ධිය පිළිබඳ ව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව සඳහන් කළේය.

ගම්පොළ ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බව පසුගිය 06 වනදා හඳුනාගෙන තිබුණි.

එම වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරුවීමක් ලැබිම හේතුවෙන් පසුගිය 04 වනදා ගම්පොළ රෝහලේ කාර්යය මණ්ඩලය සඳහා සාදයක් පවත්වා ඇති අතර මේ හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ 65 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා විය.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday

“ස්ට්‍රයික් කරන බස් ඩ්‍රයිවර්ලාට ගහල පන්නන්න ඕන“ – ඇමති ඩිලාන්

colombotoday

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday

මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලලා.. ව්‍යාපාරිකයා පොලිසි යයි.. පුත් මාලක සොයා පොලිස් මෙහෙයුමක්

colombotoday

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin