Colombo Today Local News

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

වංචා දූෂණවලට අදාළව අල්ලස් කොමිසමේ ඇති අත්‍යවශ්‍ය ලේඛන හොරු රැගෙන යාමේ තත්වයක් මේ වනවිට උදාවී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ ජාවාරමකට අදාළව තමා විසින් 2017 වසරේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලෙහි ලේඛන හා පිටපත් මේ වනවිට අතුරුදන් වී ඇති බවයි.

තමාගේ එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයවල ප්‍රගතියට අදාළ තොරතුරු දැනගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පසුගිය දා ගිය අවස්ථාවක මේ පිළිබඳව දැනගැනීමට ලැබුණු බව වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

තමා කළ මූලික පැමිණිල්ල පමණක් එහි තිබූ බවත් ඊට අදාල අනෙකුත් සාක්ෂි සහිත ලිපිලේඛන අතුරුදහන් වී ඇති බව දැනගන්නට ලැබූ බවත් පවසන වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ හොරුන් ඇල්ලීමට තිබෙන ස්ථානවල දේවල් හොරු රැගෙන යෑමේ ක්‍රියාදාමයක්ද මේ වනවිට පැනනැඟී ඇති බවයි.

තම පැමිණිල්ලට අදාළ පිටපත් වහාම සොයා තමාට දැනුම් දෙන්නැයි එම කොමිසමේ නිලධාරීන්ට පැවසුවද මෙතෙක් පිළිතුරක්වත් නොලැබුණු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

colombotoday

පොලිස්පතිට අරක්කු නඩුවකුත්!

colombotoday

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

Admin

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සැරසේ

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday