Colombo Today Local News

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

හමුදා නිලධාරීන්ට මෙන් පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි මහජන ආරක්ෂාව භාර ඇමැති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘‘අනූ දහසක් පමණ වන පොලිස් සේවයේ සාමාජිකයන් අතරින් යම් යම් නිලධාරීන් විනය විරෝධී කටයුතුවල නිරත වී ඇති බව නිරීක්ෂණය වෙනවා. එම පිරිස ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට එකකටත් අඩු සංඛ්‍යාවක්. මේ නිසා මුළුමහත් පොලිසියේම විනය පිරිහී ඇතැයි කවුරුන් හෝ ප්‍රකාශ කරනවා නම් එය සාධාරණ නැහැ. එම අතළොස්ස කරන වැරදි වැඩ ඉස්මතු කර හොඳ දේ යටපත් කරනවා නම් ඒක සාධාරණ නැහැ.’’
‘‘කොවිඩි 19 රෝගය නිවාරණය කිරීම සඳහා සහ එම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පොලිසියේ නිලධාරීන් විසි තුන් දහස් හත්සිය විස්සක් යොමු කර තිබෙනවා. නිලධාරීන් හයදහස් නවසිය එකොළහක් මෙම ආසාදිත තත්ත්වයට පත්ව තිබුණා. පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් පහක් ඇතුළු නිලධාරීන් දාහතර දෙනෙකු මේ වසංගතය පාලනය කිරීමේ රාජකාරී කරද්දී රෝගය ආසාදනය වීමෙන් ජීවිත පරිත්‍යාග කොට ඇත.

විනය කඩකරන නිලධාරීන් එකසිය හැට හතරකට 2020 වර්ෂයේදීත්, අනූ දෙදෙනෙකුට මෙම වර්ෂයේ මේ දක්වාත් චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය වැරදි හතළිස් හතරකට 2020 වර්ෂයේදිත් 2021 මේ දක්වා 15කටද නීති පියවර අරන් තියෙනවා.

පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අනූ දහසකට ආසන්න ප්‍රමාණයකින් රාජකාරී කිරීමේදී එක අවුරුද්දක දී මත්ද්‍රව්‍ය වැරදිවලට නිලධාරීන් පනහකටත් අඩු ප්‍රමාණයක් හසුවී තිබේ.

ස්ත්‍රී සහ ළමා අපචාර වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 2020 දී 18ක්ද, 2021 දී 09ක්ද හසුව ඇත.

‘‘පොලිසිය යනු විනය පිරිහී ගිය ආයතනයක් ලෙස හුවා දක්වනවා. පොලිසියට විරුද්ධව ගෙනෙන පැමිණිලි කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව සමහර මාධ්‍ය ආයතන ප්‍රචාරණය කරනවා. මේක මාධ්‍ය සදාචාරයට පටහැනියි.’’ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin

මුස්ලිම් රටවල් වැනසූ බලවේග අප රටටද අතපොවා ඇත, එක්වී පොදු සතුරා පරදමු.. හිටපු ජනපතිගෙන් මුස්ලිම් ජනතාවට ඇරයුම්

colombotoday

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොඩ දාන්න මාධ්‍ය මෙහෙයුමක්… NGO කිහිපයකින් මුදල් වෙන් කරයි

colombotoday

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

නිවියෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දානවා

colombotoday

ළිඳකට වැටී දැරියක් මරුට

colombotoday