Colombo Today Local News

නිවියෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දානවා

‘චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි ‘මැයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් පළකර තිබීම සම්බන්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත්වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු උපයෝගී කරගෙන ඇමෙරිකාවේ ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත චීනය වරායක් මිලදී ගත් හැටි යන ලිපිය සකස් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසා තිබෙන බවත්, ඒ ආකාරයට රාජ්‍ය රහස් විදේශයකට ගොස් තිබේනම් එය ආරක්ෂාව අතින් බරපතළ තත්ත්වයක් බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට ලබානොදී ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්‘ පුවත්පතට ලබාදී තිබේනම් ඒ සම්බන්ධව රජය වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

Related posts

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Admin

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin