Colombo Today Local News

මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලා

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දීමෙන් පියා මියගොස් මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.

අනතුරුව සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රී රෝද රථ රියදුරෙකි.

තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනයව සිටි පුතුව මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.

28 හැවිරිදි සැකකාර පුතු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මවගේ අතකට බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

colombotoday

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරිනීතිය පැනවේ

colombotoday

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

colombotoday

ICBT සිසුවෙකුටත් කොරෝනා

colombotoday