Colombo Today Local News

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා ඇත.

ඒ අනුව, විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානය වැටලීම් කර ඇති අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් රැස්කර ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ලියාපදිංචි ගාස්තු වශයෙන් රු.1500.00 බැගින් මුදල් අයකර ඇති බවයි හෙළි වී ඇත.

එම ස්ථානයේ තිබී රු.77,000.00 ක මුදලක්ද, බර කිරන තරාදිය, ඇස් පෙනීම පරික්ෂා කරන අක්ෂර හා ඉලක්කම් පුවරු දෙකක්, කොරියාවේ හා ජපානයේ නොමිලේ රැකියා ලබාදෙන බව පවසා ප්‍රදර්ශනය කළ බැනරයක් නඩු භාණ්ඩ වශයෙන් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධිව තරුණ තරුණියන් රැකියා සඳහා බඳවා ගැනීමට උත්සහ කිරීමේ වරදට අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර තිබේ. නඩුව ඔක්තෝම්බර් 28 දින යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

රිෂාඩ්ගේ කාලේ සතොසේ සිදුව ඇති බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ෆයිල් මිටි අතුරුදහන්

colombotoday

ගිනි ගත් නෞකාවේ වෙරළට ආ සුන්බුන් එකතු කළ 8ක් ලොරියක් සමග පොලීසියට කොටු

colombotoday

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday