Colombo Today Local News

ඇමති ඩලස් නීලිකාගෙන් සමාව අයදී

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ.

මලවිගේ මහත්මිය විසින් සිදුකරන ලද දේශණයක් විකෘති කළ පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවත් එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලූ බවත් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන පහතින් දැක්වේ.
“මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්. ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කල වෙබ් සම්මන්ත්‍රනයේදී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කලා. එම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.

එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා”

Related posts

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

‘මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක.’ – හිටපු ජනපතිනි කියයි

colombotoday

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර

colombotoday

රණ විරුවන්ට නඩු පැවරුවේ අපි නොවෙයි. අපි ඔවුන්ව එලියට ගන්නවා – ඇමති රාජිත කියයි

colombotoday

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday