Colombo Today Local News

ජාතිවාදය කතා කරන අය හිරේ යවන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට

ජාතිවාදි හෝ ආගම්වාදි ප්‍රකාශ කරන්නන්ට අවුරුදු දෙකක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව සිරදඬුවම් නියම කිරීම නීතිගත කෙරෙන පනත් කෙටුම්පත් ඊයේ 11 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්‌ඩ නීති සංග්‍රහය සශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.

ජන කොටස්‌ අතර වර්ගික හෝ ආගමික කණ්‌ඩායම අතර ආගමික, වර්ගික හෝ ජාතික අසමගිය ඇති කරන ප්‍රකාශ සහිතව ලියන්නට හෝ සංඥ මාර්ගයෙන් ප්‍රකාශ කිරීම මේ අනුව තහනම් වේ.

එමෙන්ම ජනවර්ග ආගමික හෝ වාර්ගික කණ්‌ඩායම් අතර අසන්තෝෂය හෝ සතුරු බව ඇති කිරීම හෝ ඒ සඳහා තැත් කිරීම හෝ ඊට පෙළඹවීම් කිරීම ද තහනම් කර තිබේ.

මෙම චෝදනාවට ලක්‌වූවන් මහෙස්‌ත්‍රාත් අධිකරණය යටතේ නඩු විභාගයකට යටත් කර වරදකරු වූවොත් බරපතළ වැඩ ඇතිව හෝ නැතිව අවුරුදු දෙකක සිරදඬුවමක්‌ නියම වේ.

මෙම චෝදනාව සමථයකට පත් කළ නොහැකි බවද සංශෝධන පනත් කෙටුම්පතෙහි දැක්‌වේ.

ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙම සංශෝධන පනත් කෙටුම්පත් දෙක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Related posts

බැදුම්කර වාර්තාව ගැන නීතිපතිගේ තීරණය ජනපති ලේකම්ට දැනුම් දෙයි…

colombotoday

ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

colombotoday

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාරගනී

colombotoday

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday