Colombo Today Local News

අමාත්‍යංශ හතරක ලේකම්වරු දොට්ට

S-logo

රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන පෙළේ තනතුරුවල වෙනසක්‌ ඇති කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද ජනවාරි මාසයේදී මෙම වෙනස ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වෙනස්‌ කිරිමට අමාත්‍යාංශ 04 ක ලේකම්වරුන් ද අයත් වන බව එම ආරංචි සඳහන් කළේය. මෙම ලේකම්වරුන් සම්බන්ධයෙන් අදාළ විෂයභාර අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ද පැමිණිලි කර වෙනත් ලේකම්වරුන් පත් කර දෙන ලෙස ද ඉල්ලීම් කර ඇති බව ද ඒ අනුව දැනට සංචිතයේ සිටින නිලධාරීන් තිදෙනෙකු හා දැනටමත් ප්‍රබල අමාත්‍යාංශයක සේවය කරන අතිරේක ලේකම්වරයකුටද ජනවාරි සිට අමාත්‍යාංශ ලේකම් තනතුරු හිමිවීමට නියමිත බව ද රාජ්‍ය ආයතන කීපයක ප්‍රධාන පෙළේ තනතුරුවල ඇති කළයුතු වෙනස්‌කම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අමාත්‍යවරුන් සමඟ අදහස්‌ හුවමාරු කර ගෙන ඇති බව ද රජයට සම්බන්ධ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කතරගමදී මිනිසුන් මරන පොලිසියට යාපනයට ගියාම ඉන්න වෙන්නේ කුක්කො වගේ

colombotoday

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බැදුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ මෙන්න

colombotoday

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin