Colombo Today Local News

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දිනයේත් 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ත් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොවිඩ් ව්‍යාප්තිය න පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත් වීම හමුවේ සාකච්ඡා කිරීම්වලින් පසු මෙම තීරණවලට එළැඹි බවයි.

Related posts

පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතිය

colombotoday

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි

colombotoday

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

colombotoday

ඥානසාර හිමිට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්. | ඥානසාර හිමිගෙන් සුක්රාට සුභපැතුම්.

colombotoday

නවීන කෘෂි තාක්ෂණය ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක්..

colombotoday

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

colombotoday