Colombo Today Local News

“තමුසෙලා ඔක්කොටම වැරදිලා.. වත්තල මංතීරුව කඩුපු අයට රජයෙන් තෑගි දෙන්න ඕන”- ජෝන් ඇමති

පසුගියදා වත්තල කළූ ඇල දෙපස පිහිටි ශරීර සුවතා මංතීරුව ගලවා ඉවත් කල අයට තෑගි දිය යුතු යයි ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

මං තිරුව ගලවා ඉවත් කල අයට දඩුවම් දීමේ උවමනාවක්ද නැති බව ඔහු කියා සිටියේ ඊයේ එම ප‍්‍රදේශයේ නිරීක්‍ෂන චාරිකාවවට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍ර‍ශ්න වලට ඇමතිවරයා දූන්නේ අපූරු පිළිතුරුය. එම සංවාදය පහතින්.

කොපමණ මුදලක් වියදම් කරලා තියෙනවද මේකට ?

සත පහක්වත් වියදම් කරලා නෑ මේකට ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා නෑ. මේ අපේ රටේ ඉන්න දානපතියෝ තමයි මේක අපිට ලස්සණට හදලා දීලා තියෙන්නේ. මේ ඉස්සෙල්ලා තිබිච්ච අඩි තුනේ පාර වෙනුවට දැන් අඩි තිහක ජොගින් ට්‍රැක් එකක් මං දන්නෑ මොනවද සිංහලෙන් කියන්නේ කියලා. හදලා දීලා තියෙනවා.

දැන් අපූරුවට ඇවිදින්න පුළුවන් ඇවිදිනවා උදේට පරණ පිරිස් ඔක්කෝම ඇවිදිනවා. අර කලින් ඉන්න කට්ටිය මාසෙට රැපියල් 200ක් කප්පම් අරන් තියෙනවා ඇවිදින මිනිස්සුන්ගෙන්. එහෙම කොහොමද ගන්නේ ආණ්ඩුවෙන් හදලා තියෙන මාර්ගයකට. මේවා තමා අපිට දැන් හොයන්න වෙලා තියෙන්නේ.

ඒ හින්දද ඇමතිතුමා මේක ගලවා ඉවත් කරේ ?

ගලවලා ඉවත් කළේ මේක පළල් කරන්නත් ලස්සණට හදන්න එපැයි.

ඒක නීත්‍යානුකූලවද සිදූවුණේ ඇමතිතුමා ?

නීත්‍යානුකූල අනිත්‍යානුකූල නෑ නේ. ඇයි දැන් අඩුපාඩුවක් වෙලා තියෙනවද?

නෑ ඇමතිතුමා මහජන මුදල් දෙපාරක්ම…

මහජන මුදල් වියදම් කරලා නෑ. තමුසෙලාට වැරදිලා ඔක්කොටම. ඒකනේ වෙලා තියෙන්නේ මේක හරියටම දැන ගන්න ඕන මේකේ ඇත්ත තත්වය.

චෝදනාව එල්ලවුනේ මේකෙන් සල්ලි ගාණක් අරගෙන..

මේක හදන්න සත පහක්වත් අරන් නෑ.

ඔබතුමාට ඇයි ඇඟිල්ල දික් වුණේ

මට ඉතිං මාධ්‍ය දන්නේ නැද්ද හැම එකම හරවා හරවා ගහනවා නේ. අපි කියන දේ එකක් ගහන්නේ තව එකක්. ඒවට ඉතිං අපි යටවෙන්නෙත් නෑ බය වෙන්නෙත් නෑ. එතකොට දැන් නගර සභාවට අපි ඒක පවරන්න යනවා. නගර සභාවේ නඩත්තුවට මින් ඉදිරියට. මීට ඉස්සෙල්ලා මේක වහගෙන කණ්ඩායමක් පුද්ගලික දේපලක් වගේ පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මේක දැන් මේ පුද්ගලික අංශයෙන් කණ්ඩායමක් එකතුවෙලා හදලා තියෙන්නේ. ලස්සණට හදලා තියෙනවා බලන්න.

ඇමතිතුමා මේක එතකොට ගලවා ඉවත් කළ අයට දඩුවම් දෙන්නේ නැද්ද ?

මොනවටද දඩුවම් දෙන්නේ. ඔය හදලා තියෙන්නේ අගේට. තව මොනවද හදන්නේ. මොකුත් කාටවත් පාඩුවක් වෙලා නෑ නේ රජයට. රජය ගලවපු එවුන්ට ඇත්ත වශයෙන් දෙන්න ඕන තෑග්ගක් මේක ආපහු හැදෙව්වට. මේ තත්වයට ගෙනාවට.

ඔබතුමා නෙවෙයි නේ ඒක ගැලෙව්වේ ඒ කට්ටියට කියලා ?

මට ගලවන්න වෙලාවක් නෑ මේවා. මට ඊට වැඩිය වැඩ තියෙනවා.

Related posts

මෛත්‍රීගෙන් පුරුදු වෙලා.. වැස්සක් එන බව පවසා හිටපු ජනපති මහින්දත් යන්න හදයි !

colombotoday

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

Admin

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

colombotoday

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday