Colombo Today Local News

මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරු වන සහරාන්ගේ බිරිඳ විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක කරුණු පදනම් කරගමිනින් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් 2020.11.12 වන දින පැවැත් වු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මන්ත්‍රීවරයා විසින් සඳහන් කර ඇත්තේ, සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ලැබුණු ආකාරය, ඔහුගේ බිරිඳ වන ෆාතිමා හාදියාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව හා ඇය තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමක් ගැන යැයි පොලීසිය පවසයි.

බන්ධනාගාර බලධාරීන් පවසා ඇත්තේ ඇය කිසිම ආකාරයට තංගල්ල බන්ධනාගාරයේ රඳවා ගැනීමක් සිදුනොකළ බව යැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මාධ්‍ය සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා විසින් ඉහත කරුණු අවිනිශ්චිත හා මතබේදාත්මක කරුණු සම්බන්ධයෙන් විමසීමක් කර ඊයේ (16)දිනයේ සවස 2.30 සිට පැය 4ක කාලයක් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Related posts

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ 112 ක් දිවයිනට

colombotoday

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

1990 ගැටී කතක් මරු දකී

colombotoday

රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා – පියා පැමිණිලි කරයි

colombotoday