Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

යාපනය, නැගෙනහිර කලපු වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත, පොලිස් විශේෂ කාර්ය බළකා යාපනය කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී එම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83යි ග්‍රෑම් 336ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

ඉන්දියාවේ සිට රහසිගත ලෙස ගෙන්වා සඟවා තිබූ කේරළ ගංජා තොගයක් මෙලෙස සොයාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නාවික හමුදාපති පියල් ද සිල්වා අද විශ්‍රාම යයි

colombotoday

බුදුරුව සහිත සාරි තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි (Photo)

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

colombotoday

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

Admin