Colombo Today Local News

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ 112 ක් දිවයිනට

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙකු අද(24)දින අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.
ඒ, කුවේටයේ සිට ජසීරා ගුවන් සේවයට අයත් යානයකිනි.

කොරෝනා වසංගතයට බියෙන් තමන් සේවය කළ නිවෙස්වලින් පළා ගොස් සිටියදී එම පිරිස එරට ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් අනතුරුව එලෙස පිටුවහල් කර ඇත.

පැමිණි පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත් බව ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ ය.

Related posts

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

සත්ව ආහාරවලට වරායේ ගොඩගැසූ සතොස හාල් තොගයක් අඩුවට විකුණයි… උත්සව සමයේ වෙළදපොලට ඒමේ අවදානමක්…

colombotoday

ශීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී ප්‍රධාන. මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

colombotoday

වෙනම තරඟ කරන්න නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය මෛත්‍රිපාල සිරිසේන වලක්වයි

colombotoday

අපරාධකරුවන් රැසක් අල්ලා ගත් පොලිස් “කෝරා” ජීවිතයෙන් සමුගනියි

colombotoday