Colombo Today Local News

රනිල්ට බැරිවුනොත් පාර්ලිමේන්තු යන්නේ රුවන් – දිවු­ල­පි­ටිය එජාප සංවි­ධා­යක කිත්සිරි මංච­නා­යක කියයි

ඉකුත් මහ මැති­ව­ර­ණ­යෙන් අන්ත පරා­ජ­ය­කට පත්වූ එක්සත් ජාතික පක්ෂ­යට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යට පත්කි­රී­මට මේ දක්වා යෝජනා වී තිබෙන්නේ පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා බවත්, යම් හෙය­කින් එය වෙනස් වුව­හොත් පක්ෂයේ වත්මන් නායක රුවන් විජ­ය­ව­ර්ධන මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යට ඉදි­රි­පත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් බස්නා­හිර පු පළාත් සභා හිටපු මන්ත්‍රී දිවු­ල­පි­ටිය එජාප ප්‍රධාන සංවි­ධා­යක ආචාර්ය කිත්සිරි මංච­නා­යක මහතා කීවේය.

පිට­කෝට්ටේ සිරි­කොත මන්දි­රයේ පැවැති (ජන­වාරි 01) මාධ්‍ය හමු­වේදී පැමිණ සිටි මාධ්‍ය­වේ­දි­ය­කුගේ ප්‍රශ්න­ය­කට ඉහත සඳ­හන් පිළි­තුරු දෙමින් දිවු­ල­පි­ටිය එ.ජා.ප. ප්‍රධාන සංවි­ධා­ය­ක­ව­රයා මෙසේ ද කීය. මෙරට සංචා­රක ව්‍යාපා­රය නංවා­ලීම සඳහා ඉකුත් දිනෙක යුක්‍රේ­නයේ සිට සංචා­ර­ක­යන් 300 දෙනකු පැමි­ණීම ඉතා සතු­ටට කරු­ණක් වුවත්, ඔවුන් මෙර­ටට පැමි­ණී­මට පෙර එරට පී.සී.ආර්. පරී­ක්ෂ­ණ­ව­ලට සහ­භාගි වුණා­දැයි කිසි­වක් නොදන්නා මුත් ගුව­න්තො­ටු­පළේ නිල­ධා­රින් විසින් සිදු කළ පරී­ක්ෂ­ණ­ව­ලින් මේ වන විට යුක්‍රේන ජාති­ක­යන් 06 දෙන­කුට කොරෝනා ආසා­ද­නය වී ඇති බව පෙනී යන බවත් කීය.

අපේ රටේ ව්‍යාපා­රි­ක­යන් කිහි­ප­දෙ­නකු එක­තුවී යුක්‍රේ­න­යෙන් එක­තු­ක­ර­ගත් පිරි­සක් මෙලෙස සංචා­ර­ක­යන් ලෙස ගෙන්වා තිබෙන බවට ආරංචි මාර්ග සඳ­හන් කරන බවත්, මෙවැනි ආටෝප වැඩ­ව­ලින් රටේ ජන­තාව නොර­ව­ටන ලෙස සංචා­රක ඇමැති ප්‍රසන්න රණ­තුංග මහ­තා­ගෙන් සහ සංචා­රක අමා­ත්‍යාංශ කාර්ය මණ්ඩ­ල­යෙන් ඉල්ලා සිටින බවත් ආචාර්ය කිත්සිරි මංච­නා­යක මහතා සඳ­හන් කළේය.

2020 මාර්තු පටන් මෙර­ටට ගලා එන ලද කොරෝනා මෙම වස­රේදී අඩු­වී­මට නිය­මිත බව වෛද්‍ය සංග­මයේ සංස්කා­රක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳ­හන් කර ඇතත්, 2021 ජන­වාරි ආර­ම්භ­යත් සමඟ දින­පතා කොරෝනා 19 වැල­ඳුණු රෝගීන් සිය ගණ­නින් රට තුළින් වාර්තා වන්නේ යැයි ද එවැනි ක්‍රියා­වන් සඳහා පුංචි පුංචි පැලැ­ස්තර නොදමා යථා­ර්ථය තේරුම් ගෙන ක්‍රියා කළ­යුතු බව ද දිවු­ල­පි­ටිය එ. ජා. ප. ප්‍රධාන සංවි­ධා­ය­ක­ව­රයා පෙන්වා දුන්නේය.

කොරෝනා මෙර­ටට ඇතු­ල්වූදා සිටම කොළඹ නග­රය ප්‍රධාන බස්නා­හිර පළාත ඇතුළු සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම ස්වයං රැකි­යා­ව­ලින් සිය දරු පවුල් ජීවත් කළ ලක්ෂ සංඛ්‍යාත ජන­කා­යක් ඉතා අස­රණ මට්ට­මට වැටී ඇති බව ද ඔවුන්ට ඒ ඒ ප්‍රදේ­ශ­වල ග්‍රාම­සේවා නිල­ධා­රින්, ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්, දිස්ත්‍රික් ප්‍රධාන ලේක­ම්ව­රුන් මගින් ලබා­දුන් රුපි­යල් 5000/= මුදල් ආධා­රය සමඟ සහ­නා­ධාර බඩු ප්‍රමා­ණය ප්‍රමා­ණ­වත් නොවන බව ද සංවි­ධා­ය­ක­ව­රයා සඳ­හන් කළේය.

වත්මන් රජ­යට 2021 වසර සඳහා කිසිම සැල­සු­මක් රට හමුවේ තබා නැතැයි ද පළාත් සභා මැති­ව­ර­ණය මේ වසරේ පැවැ­ත්වී­මට කෑ මොර ගෑ වත්මන් රජය මේ වන විට පළාත් සභා මැති­ව­ර­ණය කල්දමා තිබෙන බව ද කිත්සිරි මංච­නා­යක මහතා කියා සිටි­යේය.

Related posts

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

colombotoday

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin