Colombo Today Local News

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද(5)දින ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ , මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බව ද අධිකරණය ප්‍රකාශ කළේ ය.

එමෙන්ම අදාළ ප්‍රදේශයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය ප්‍රකාශ කළේ ය.

ගාලු මෝදර ගෝඨාගෝගම අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5 ට පෙර ඉවත් කර ගන්නා ලෙසට පොලිසිය කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රතිඥාව ලබා දීම සිදුව තිබේ.

Related posts

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday

“ඒකාබද්ධය – එජාපය ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නේ ඩීල් එකකට” – අමරවීර කියයි

colombotoday

නැව මුදාහැරීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි.. නැව බේරාගන්නා හැටි සේනාධිපති කියයි (Video)

colombotoday

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin