Colombo Today Local News

පැන ගිය ආසාදිතයා සොයා ගැනීමට සහය වු සියලු දෙනාට පොලීසියෙන් තෑගි

අයි.ඩී.එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සොයා ගැනීමට සහය දුන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට පොලිස්පතිවරයා විසින් විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සහයෝගය ලබා දුන් සියලු දෙනාට මෙය ලබා දෙන බවය.

අද අලුයම රෝහලෙන් පැන ගිය ආසාදිතයා උදෑසන 10  ට පමණ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී සොයා ගනු ලැබීය.

එම ආසාදිතයා සොයා ගැනීමට සහය දුන් යුද හමුදාව ඇතුළු සියලූම මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ජාලාවලට හා මහජනතාවට ද පොලීසිය සිය කෘතඥතාවය පළ කර තිබේ.

Related posts

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

colombotoday

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday

අරගලකරුවන්ට ආරක්ෂක අංශ එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයයෙන් නිවේදනයක්

colombotoday

බුදු පිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා… විපක්ෂයේ ‘කොටි එනවෝ‘ කතා නිසා ආරක්ෂක අංශ නොමග ගියා !!

colombotoday

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

colombotoday

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday