Colombo Today Local News

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට – අධිකරණය තහවුරු කරයි

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට බව කොළඹ දිසා අධිකරණය තහවුරු කරතිබේ.

සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකක දී කොළඹ දිසා විනිසුරුතුමිය විසින් අළුදෙණියේ සුබෝධි හිමියන් එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පෙනී සිටීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධව වූ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශවයේ මහනායක හිමියන් ඇතුළු උත්තරීතර විධායක සභාව විසින් එකී විහාරයේ විහාරාධිපති ලෙස කොටපොළ අමරකිත්ති හිමියන් පත් කිරීම සම්බන්ධව වූ තීරණයට එරෙහිව වූ වාරණ නියෝගය ද විසුරුවා හරින ලදි.

කොටපොළ අමරකිත්ති හිමියන්ගේ පත් වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ද පිළිගෙන ඇති අතර උන් වහන්සේ සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි දඹ ගස් ආරේ සුමේධාලංකාර හා සේරුවිල සරණකිත්ති හිමිවරුන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වේ.

කොටපොළ අමරකිත්ති හිමියන් දැනට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කරන අතර සුප්‍රසිද්ධ අනුරාධපුර පිච්චමල් පූජාවේ නිර්මාතෘ ද වේ.

නිකායේ මහනායක හිමියන්, සංඝ සභාව හා කොටපොළ අමරකිත්ති හිමියන් වෙනුවෙන් නීතිඥ සඳමාලි රත්නායක, ධරණී වීරසිංහ, චතුර ගල්කේන, සඳුන් ගමගේ හා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා යන නීතිඥ මණ්ඩලය පෙනී සිටින ලදී.

Related posts

“බෞද්ධයෝ වෙනස් කමක් කලේ නෑ. වෙළදාමේ ආව මුස්ලිම්වරුන්ට ගෑනුත් දුන්නා.” යැයි කියමින් ත්‍රස්තවාදී හජ්ජුල් අක්බාර්ව නිදහස් කරන්නැයි ඉෂාක් රහුමාන් ඉල්ලයි.

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ජනපති සටනට. – ජවිපෙන් ග්‍රීන් ලයිට්

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

colombotoday

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday