Colombo Today Local News

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ජනපති සටනට. – ජවිපෙන් ග්‍රීන් ලයිට්

හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා ද ජුලි 20 දා පැවැත්වෙන ජනාධිපති තරඟයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා බාරදීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින්
වාර්තාවේ.

වත්මන් අර්බුදයෙන් රට යළි ගොඩගැනීම සඳහා මධ්‍යස්ථ මතධාරියකු මේ මොහොතේ රටේ රාජ්‍ය නායකත්වයට පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇතැයි අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුත් ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානියකු පැවසිය.

මේ අතර, අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනාධිපතිධුරයට පත්වන්නේනම් තම පක්ෂයේ විරෝධතාවයක් නොමැති බවට එම පක්ෂයේ නායකයන්ද දන්වා ඇති බව වාර්තා වෙයි.

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අනුර ප්‍රියදර්ශන යාපාට සහාය ලබාදීමට දැනටමත් එකඟත්වය පළකර ඇතැයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුයේ, තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස මන්ත්‍රීවරුන් රාශියකගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි.

ජනාධිපති තරඟයට ඉදිරිපත්වන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් දැනටමත් ප්‍රකාශකර ඇත.

Related posts

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

අගමැති සමග පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්… වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අඛණ්ඩව

colombotoday

“ජනාධිපති තානාපති ධූරයක් දෙන්න හැදුවා. මම එපා කිවුවා.” අසාද් සාලි කියයි

colombotoday

සමාජ මාධ්‍ය වාරණයෙන් ආණ්ඩුවේ බැරිකම හෙළිවුණා.. රාජපක්ෂ රෙජිමයෙන්වත් මෙහෙම කළේ නෑ

colombotoday

කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ට

colombotoday

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday