Colombo Today Local News

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

b877adfafa596524dac85a45f3a79682_L

ශ්‍රී ලංකා රජය මගින් ජපානයට ලබා දුන් අමර හා විදුර යන අලි පැටවුන් දෙදෙනා පිලිබදව සොයා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ ජාතික සත්ව උද්‍යානය වන තමත් සත්ව උද්‍යානයේ අද (19) සංචාරයක නියැලිනි.

ජපානයේ හිටපු අගමැතිවරයාගේ හමුවේදී මෙම අලි පැටවුන් දෙදෙනා පිලිබදව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විමසු විට හිටපු අගමැතිවරයා ඔවුන් බැලීමට පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා ආරාධනා කළහ.

මෙම අවස්ථාට සහභාගී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් ජපන් රජය එතුමන් ජපන් රජය සමග පැවැත්වූ සබදතා පිලිබදවත් සිදු කල මෙහෙය පිලිබදවත් සිහිපත් කළහ. මෙම අවස්ථාවට ජපානයේ විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රධානින් හා ජපන් – ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිරිසක් එක්ව සිටියහ.

අද ජපානයේ පැවැත්වෙන බෞද්ධ උත්සව කිහිපයකටද මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිත අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය 20 වැනිදායින් නිමවෙයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට

Related posts

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

ජගත් ජයසූරිය ගැන ෆොන්සේකාගේ මතය අගමැති රනිල් අනුමත කරයි !!

colombotoday

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday