Colombo Today Local News

“ලී බඩු හැදුවේ මගේ අන්තඃපුරේට නෙවෙයි.. මගේ චරිතය ඝාතනය කරා, නඩු දානවා” වරාය ඇමති

arjuna haboure

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයන් තිදෙනෙකුගෙන් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා රුපියල් මිලියන් 500 බැගින් වන්දි ඉල්ලා නඩු දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බේරේවැව වඩු කාර්මික අංගණයේ නිපදවන ලී භාණ්ඩ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කර තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙම වන්දිය වෙන් වෙන් වශයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවේදී වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එහිදී අදහස් දක්වමින් “පසුගිය දින කිහිපයේදී මම දිවයිනේ සිටියේ නැහැ. එම කාලයේදී උදේනි කළුතන්ත්‍රි,‍ ලාල් බංගමුවගේ,‍ ප්‍රසන්න කළුතරගේ යන අය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බේරේ වැව වඩු කාර්මික අංගණයේ සිදු කරමින් තිබූ ලී බඩු නිෂ්පාදනයක් ගැන පොදු ජනතාව වෙත අමූලික බොරු ප්‍රකාශයක් සංවිධානාත්මක ලෙස මාධ්‍ය මගින් සිදු කළා. එහිදී වඩුකාර්මික අංගණයේ නිපදවන භාණ්ඩ අන්තඃපුරයක් සඳහා නිපදවන භාණ්ඩ ලෙස අසත්‍ය ප්‍රකාශයක් කරමින් මාගේ චරිතය ඝාතනය වන ආකාරයටත් අපහාස සිදු වන ආකාරයටත් මේ තිදෙනා අදහස් පළ කළා.මෙම භාණ්ඩ වරාය අධිකාරියේ අවශ්‍යතාවන් සදහා නිපදවමින් පැවති ඒවා. මේ නිසා මෙම අසත්‍ය ප්‍රචාර පිළිබඳව සහ මට කරන ලද අපහාසය පිළිබඳව දැනටමත් පුද්ගලික සිවිල් නඩු පැවරීම සඳහා නීතිඥවරුන්ට භාර දී එන්තරවාසි මේ තිදෙනා වෙත යවා තිබෙනවා. මට කරන ලද අපහාසය වෙනුවෙන් එක් අයකු විසින් රුපියල් මිලියන පනසීයයක මුදලක් ගෙවන ලෙසට මේ තිදෙනාට නීතිඥවරුන් මාර්ගයෙන් දැනටමත් දන්වා අවසන්. මේ පුද්ගලයන් තුන්දෙනා පිළිබඳව සහ ඔවුන්ට ඇති දූෂණ සහ වංචා චෝදනා පිළිබඳව පැහැදිලි කරන්න මම ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. මම දූෂණය නවත්න්න හොරකම නවත්තන්න ක්‍රියා කරන කොට හොරකම් කළ මිනිස්සුන්ට හරියට රිදිලා බව මේ ක්‍රියා දාමයෙන් පේනවා. වැඩිවිස්තර මම නොකියන්නේ මෙම කාරණය දැනට අධිකරණයකට යොමු කිරීමට තිබෙන නිසයි. මම මේ වරාය අමාත්‍යාංශයට ආ දවසේ සිට හොරකම දූෂණය නවත්තන්න විශාල මහන්සියක් ගත්තා. ඒ වගේම සභාපතිතුමාත් මාත් හොරකම නවත්තන්න යන වෙලාවේ මේ හොරකමෙන් යැපෙන මිනිස්සුන්ට රිදෙන බව තේරීලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්…..” යැයිද රණතුංග මහතා පැවසීය.

 

Related posts

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

දැදුරුඔය පහත්බිම් ප්‍රදේශවල අයට අනතුරු ඇඟවීමක්

Admin

ලංගමට නව සභාපතිවරයෙක්

Admin