Colombo Today Local News

සිංහල සිසුන්ට පහරදීම හින්දු සම්මේලනය හෙළා දකී.. අන්තවාදීන් අත්අඩංගුවට ගන්න, පොලිස්පතිට ලියයි!

8b8ee4936e36ae34d44414c25ba68406715159532360df199f809621eb6e8940-300x206යාපනය විශ්විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරමින් එල්ලවූ අන්තවාදී ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතු හෙළා දකින බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය පවසයි.

30 වසරක් අමිහිර යුධ ගැටුමකට මැදිවීම තුළින් උතුරේ දමිළ සමාජය මෙන්ම දකුණේ සිංහල සමාජයද, රටද ගව් ගණනකින් ආපස්සට ගිය බවත්, ගොඩනැගෙමින් පැවති සාමාකාමී වටපිටාව තුළ නැවත වරක් ජාතිවාදී ප්‍රවනතාවයන් ඉස්මතු වීම නිසා සිංහල සමාජය මෙන්ම දෙමළ හින්දු සමාජයද දැඩි තිගැස්මකට ලක්ව සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හින්දු සම්මේලන සභාපති එන් අරූන්කාන්තන් මහතා පවසයි.

විශ්ව විද්‍යාලයේ පැවති පිළිගැනීමේ සංස්කෘතික උත්සවයට සිංහල – දමිළ සිසුන් සහෝදරත්වයෙන් සහභාගී වී ඇති බව පවසන අරුන් කාන්තන් මහතා එය ඉවසාදරා ගත නොහැකි අන්තවාදී අදහස් වලින් නොමග ගිය දමිළ සිසුන්පි රිසක් මෙම ප්‍රහාරයට මුල්වී ඇති බවද සදහන් කරයි.

මේ රට යුද්ධයකට ඇද දැමීමට මුල්වූ ක්‍රිස්තියානි එවැන්ජලික බලවේග සහ බටහිර රටවලින් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන නැවත වරක් සක්‍රීයවී ඇති අතර, ඔවුන් කොටි හිතවාදීන් සමග එක්වී සිංහල බෞද්ධ ජනතාව පිළිබදව උතුරේ දමිළ තරුණයන් අතර වෛරය වපුරවමින් නැවත වරක් බෙදුම්වාදී, වර්ගවාදී අදහස් ප්‍රචලිත කරමින් සිටින බවද යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවීම එහි ප්‍රතිඵලයක් බවදහින්දු සම්මේලනය අවධාරණය කරයි.

දෙමළ හින්දු ජනතාව මෙන්ම, සිංහල බෞද්ධ ජනතාවද මේ පිළිබදව අවබෝධයෙන් කටයුතු කළහොත් බෙදුම්වාදී, ජාතිවාදී ඉවැන්ජලික ද්‍රෝහී බලවේගවලට නැවත ඉඩක් නොලැබෙන බවද අවධාරණ කරන හින්දු සම්මේලනය අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා වහමා නීතිය ක්‍රියාත්මක කරන්නැයිද රජයෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් හින්දු සම්මේලනය පොලිස්පතිවරයාට ලිපියක් ද යොමුකර ඇත.Universtiy of Jaffna

උතුරේ දෙමළ තරුණයන් යුද්ධයට ඇද දැමූ ඉවැන්ජලික බලවේග

Related posts

නවක වදයට විසදුම් සොයමින් පේරාදෙණිය සරසවියෙන් නායකත්ව පුහුණු පාඨමාලා ඇරඹෙයි…

colombotoday

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin

“රනිල් අගමැතිකම් කරන ආණ්ඩුවක ඇමතිකම් එපා“ කියා සුසිල් ප්‍රේමජයන්ත විදේශගතවෙයි !!

colombotoday

ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

Admin

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday