Colombo Today Local News

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා සඳහන් කරන්නේ, කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව අජිත් වීරසුන්දර මහතා පවසයි.

“මෙයට හේතුවෙලා තියෙන්නේ, අප දිවයින හරහා ගමන් කරන වායු ධාරා විශේෂයෙන්ම වෙනත් රටවල භාහිර කලාපවලින්, බෙංගාල බොක්ක වගේ ප්‍රදේශවලින් පැමිණෙන සුළං ධාරා හේතුවෙන්. එම සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක හේතුවෙන් දිවයිනේ වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපාලා තියෙනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඉතාම සුළු වශයෙන් එම ප්‍රදේශවල සිටින ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙන්න පුළුවන් අවම වශයෙන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත් වන යම් ආකාරයක පෙනහළු ආශ්‍රිත ආබාධ පවතින ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම්කිසි ආකාරයකට පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම මුව ආවරණ පලඳිනවා නම් සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකියි. මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් පහවී තව දින කිහිපයකින් යථාතත්ත්වයට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙහිදී අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයකින් ඉන්න කියලා.”

Related posts

හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

රනිල්ගෙන් මෝදිට ලිපියක්

colombotoday

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිර වී පාසල් සිසුවෙක් මරුට

colombotoday

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday

අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ.. ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථික-සමාජ උවදුරු දුරලීමෙන්

colombotoday