Colombo Today Local News

අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ.. ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථික-සමාජ උවදුරු දුරලීමෙන්

https://www.facebook.com/hirunews/videos/482274259057151/

ජාතික දැක්මක් තුළ සිය කාර්ය භාරය ඉටුකළ යුතුයි. ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට මම බැඳී සිටිනවා.

එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වන්නේ නෑ.

අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කරනවා. ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා.

අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. ජනතාවට අහිමිවන සම්පත් අධිකයි.

මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා සඳහා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතා ගැන අපි විමසා බැලිය යුතුයි.

බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම සිදු නොවිය යුතුයි.

සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.

ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක් කිරීමට බාධා පමුණවන යල් පැනගිය නීතිරීති රෙගුලාසි වෙනස් විය යුතුයි.

ජනතාව මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට කටයුතු කරනවා.

ලංකාව බෞද්ධ දර්ශයෙන් පෝෂණය වූ සියලු ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්.

මගේ පාලන කාලය තුළ ඕනෑම කෙනෙකුට ආගමක් ඇදහීමේ අවස්ථාව මම තහවුරු කරනවා.

මගේ ධූර කාලය තුළ බෞද්ධ දර්ශනය ආරක්ෂා කර පෝෂණය කරනවා.

සමාජ හා ආර්ථික විෂමතා අවම කළ යුතුයි. අද ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවලට නෑ.

මේ රටේ පොදු ප්‍රශ්නයි. අපි මුලින්ම කළ යුත්තේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳා දීමයි. දරිද්‍රතාව තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන්නේ ඒ නිසයි.

අපිට තවදුරටත් කාලය අපතේ හරින්නට බෑ. අපේ පිහිටීම හා භෞතික හා මානව සම්පත් ප්‍ර යෝජනයට ගනිමින් සංවර්ධන කටයුතු වේගවත් කරනවා.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යාවශ්‍ය කාරණයක්. මේ සඳහා සමස්ත රාජ්‍ය පරපාලනයම වගකීම භාරගත යුතුයි.

ත්‍රස්තවාදීන් අන්තවාදීන්, සොර සතුරන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජනජීවිතයට බාධා පැමිණෙනනවානම් එතන නිදහසක් නෑ.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අප කටයුතු කරනවා. අන්තවාදී සංවිධාන මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩක් නෑ.

රාජ්‍ය ආයතන තුළ දූෂණ වංචාව තුළ ජනතාවට සේවාවක් නෑ. අපි නීතිය ක්‍රියාත්මක කරනවා.

ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය අප තවදුරටත් සිදුකරනවා. සිතීමට මෙන්ම ලිවීමට ඇති අයිතිය තහවුරු කරනවා.

මගේ රජය විරුද්ධ මතය පිළිගන්නවා. මාධ්‍ය නිදහස තහවුරු කර තිබෙනවා. අද සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයන් එල්ල කරනවා. 

හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්නට. සෑම විටම රට ගැන හිතන්න. අනෙකුත් රට වැසියන් ගැන හිතන්න.

ඔබ කරන කියන දෙයින් සිදුවන්නේ යහපතක්ද අහපත්කද සිතන්න. රජය වැරදි මාර්ගයක යනවානම් එය පෙන්වා දෙන්න.

නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. නීතිමය කටයුතු සඳහා දේශපාලන අතගැසීම් කරන සංස්කෘතිය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අප ඉදිරියේ අභියෝග රාශියක්තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයයි. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අභිටෙයා්ගයට මුහුණ දිය හැකියි.

ඉතිහාසය අප වෙත පවරා ඇති වගකීම ඉටු කිරිම අප හා එක්වෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

රටින් පැන මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතරක් අල්ලන්න රතු නිවේදන

colombotoday